මගේ චරිතෙ ලොකු කරගන්න ඕනෙ
ටෙලිනාට්‍යවල පුංචි පුංචි චරිත නිරූපණය කරන තරුණයෙක් පහුගිය දවසක ඔහුගේ ඥාති සහෝදරයෙකුට දුරකතන ඇමතුමක් දුන්නලු.
‘අයියේ... මම අහවලා... මතකයි නේද?’
‘කවුරු? මට නිච්චියක් නැහැනෙ...’
‘අනේ අයියේ මම කිරිඳිවැල නැන්දගෙ ලොකු පුතා. ඔයාගෙ අම්මගෙ මළගෙදරත් ආවෙ අවුරුදු 6කට කලින්...’
‘ආ.. ඔව් ඔව් මල්ලි... මතකයිනෙ. කොහොමද දැන්? ඒ ලෙවල් එහෙම කළා නේද?’
‘ඔව් අයියෙ. දැන් මම රඟපානවනෙ. ටෙලිනාට්‍යවල මාව දැකලා නැද්ද? අද රූ 8.30ට යන එකෙත් මම ඉන්නවා, හැබැයි මගේ කෑල්ල යන දවස හරියටම කියන්න බෑ’
‘ඉතිං කතා කළේ?’
‘අනේ අයියෙ මම කතා කළේ ලොකුම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. අයියා දන්නවද අර ඩිරෙක්ටර්ව. එයා ඉන්නෙ අයියගෙ අල්ලපු ගෙදර...’
‘ඉතිං ඉතිං... ඒ මනුස්සයා නම් මගේ මූණවත් බලන්නෙ නෑ...’
‘අනේ බුදු අයියේ, එයාගෙ දැන් යන මෙගා ටෙලිනාට්‍යයේ මම පොඩි චරිතයක් කරනවා. අයියට පුළුවන්ද එයාට කතා කරලා මගේ චරිතය ලොකුවට ලියාගන්න. අයියා වචනයක් කිව්වොත් ගොඩම තමා...’
‘අනේ මල්ලි මට ඔය පිස්සු කතා අහන්න වෙලාවක් නෑ. වෙන උදව්වක් ඕනෙනම් කියන්න. පුළුවන් දෙයක් කරන්නම්.’