බොරැ බිසී බොරැව
අද කලා ලෝකයේ ඉන්න බොහොමයක් නවක ශිල්පීන් ශිල්පිනියන්ට ඒගොල්ලො බිසි කියලා පෙන්නන්න පුදුම වුවමනාවක් තියෙන්නෙ.
කෝල් එකක් දාපු ගමන් මේ ගොල්ලො කියන්නෙ "අයියෝ වැඩ වැඩ ඉවරයක් නෑ. එකක් ඉවර වෙනකොට තව එකක්. මොනව කරන්නද ඉතිං මේ අපේ වෘත්තියේ හැටිනේ..." කියලා.
ඔන්න ළඟදි අපේ හිතවත් මාධ්‍යවේදියෙක් මේ වගේ අලුත් නිළි නංගි කෙනෙකුට කතා කරලා ඉන්ටවීව් එකකුයි කවර පේජ් එකකුයි කරන්න. අර වගේ බිසී කතාව කියපු නිසා, මෙයා ඉතින් අදහස ඇතහැරියලු.
"එහෙමනම් මොනවා කරන්නද? මම හිතං හිටියෙ ඔයාගේ ෆොටෝ ෂූට් එක්ක ඉන්ටවීව් එකක් කරන්න. දවසක්ම යයි. ඔයා ඉතිං ඔය තරම් බිසී නම් පස්සෙ වෙලාවක කියන්නම්..."
"අනේ අයියෙ පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න මම ඩයරිය බලලා කියන්නම් දවසක්. අයියට ඉතිං බැහැයි කියන්නත් බැහැනෙ... අයියෙ අනිද්දා කොහොමද?
"අනේ අනිද්දා මම කොළඹ නැහැනෙ..."
"එහෙනං අයියා ඉන් අනිද්දා..."
"ඒත් බෑ..."
"අනේ අයියට පුළුවන් දවසක් කියන්නකො... මම ඉතිං ඒ තරම් බිසී නැහැ..."