බිත්තර රොටීවල බිත්තර දාලද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-08-ent-130අපේ පැරුණි රංගන ශිල්පියෙක් ඉන්නවා කොට්ටාව පැත්තෙ. කලින් ෂූටි ඉවරවෙන දවස්වල ගෙදර යන ගමන් ටවුමෙ තියෙන හෝටලේකින් රූට කන්න මොනවා හරි විශේෂ දෙයක් අරගන්නවා.

ඔහුව ඇරලවන්න යන රියදුරැ මහත්තුරැත් මෙයාගෙ ඒ පුරැද්ද ගැන හොඳින් දන්නවා. රියදුරැ මහත්තුරැත් බුලත් විටක් එහෙම ගන්න හෝටලේ ළඟ බහිනවලු. ඔහොම බැස්ස දවසක මේ ප්‍රවීණ කලා ශිල්පියා බිත්තර රොටී තුනක් ඕඩර් කළාලු. ඒ එක්කම අහනවලු &බිත්තර රොටීවල බිත්තර තියෙනවා නේද?* කියලා.

වෑන් එකට ගොඩවුණායින් පස්සෙ ඩ්‍රයිවර් ඇහුවලු අර බිත්තර රොටී කතාවෙ තේරැම.

"අයියෝ අපි මතක් කළේ නැත්නම් බිත්තර රොටීවලට බිත්තර දාන්නෙ නැහැ. දැල් දාලා හෙව්වත් බිත්තර කෑල්ලක්වත් නැහැ. හැබැයි මම ඒක ෂේප් එෙක් අහන්නෙ. වැඩිය කෑගහන්න ගියොත් ඒ අය දෙනවා රිටර්න් එක. මගෙ යාළුවෙකුට එහෙම වැඩක් වුණානෙ..."

"ඒ මොකද්ද...?"

"එයා චිකන් ෆ්‍රයිඩ් රයිස් ගත්තම බෙහෙතකටවත් චිකන් කෑල්ලක් හොයාගන්න නැහැල්ලු. පොඩි පොඩි තීරැනෙ දාන්නෙ. ඉතින් මෙයා දවසක් සැරෙන් අහලා ඕගොල්ලො මේවට චිකන් දානවා නේද කියලා. එදා ඉඳලා මෙයා චිකන් ෆ්‍රයිඩ් රයිස් ගත්තම අනිවාර්යයෙන්ම කුකුල් පිහාටු තුන හතරක්ම ඒකෙ අහුවෙනවලු...."

 

DESHAYA