බ්‍රේන් එක ෆැක්ස් කරන්නද?
කලාවට සම්බන්ධ ශිල්පියෙකුට පසුගිය දවසක ගෙදර පොඩි පොඩි කරදර තිබුණලු.
නෝනට ඩෙංගුවලට සමාන උණක් හැදිලා බොහොම අමාරැවෙන් ගොඩදාගෙන තියෙන්නෙ.
ඔන්න ඕකත් එක්කම වගේ නෝනට තදබල හිසේ කැක්කුමක් තිබුණලු දවස් දෙක තුනක්ම. ඉවසන්න බැරිම තැන කොළඹ පෞද්ගලික රෝහලට අරගෙන ගියාම ප්‍රෙෂර් නැහැල්ලු. ඒත් තදබල හිසේ කැක්කුමට හේතුව හොයන්න ඔළුවෙ MRI ස්කෑන් එකක් ගන්න කියලා.
MRI අංශයට ගිහින් නෝනගේ වැඩේ කරන්න ඉන්නකොට මෙයාට ඇහෙනවලු නර්ස් නෝනා කෙනෙක් දොස්තර මහත්තයෙකුට කෝල් එකක් දෙනවා. “ඩොක්ටර් ලෙඩා නම් තාම මෙතන ඉන්නවා. ඩොක්ටර්ට එයාගෙ බ්‍රේන් එක ෆැක්ස් කරන්නද” කියලා අර නර්ස් අහනවලු.
මේ ශිල්පියා ඒ වෙලාවෙ ළඟ හිටපු රෝහල් සේවකයකුගෙන් ඇහුවලු “අර නර්ස්ට මොළේ අමාරුවක් තියෙනවාද කියලා” මොකද බ්‍රේන් එක ෆැක්ස් කරන්න අහපු නිසා.
“අනේ නැහැ මහත්තයෝ අපි ඉතින් මේ සෙක්ෂන් එකේදි එහෙමයි කතා කරන්නේ. අර නර්ස් අහන්නෙ ලෙඩාගෙ බ්‍රේන් MRI රිපෝට් එක ෆැක්ස් කරන්නද කියලයි දොස්තරගෙන්”.