බ්ලවුස් බ්ලොක් එක නළුවට යවලා
සිනමා ක්ෂේත්රයේ කවුරැත් හොඳින් දන්නා, කාගෙත් හොඳ හිත දිනාගෙන සිටින සිනමා මාධ්‍යවේදිනියක් පහුගියදා අලුත් තනතුරකට පත්වුණා. කාන්තා පුවත්පතක ප්‍රධාන කර්තෘවරිය ලෙසයි ඇය පත්වීම ලැබුවේ.
පත්වීම ලබලා දවස් දෙක තුනක් යනකම්ම මෙයාට වැඩ හොඳටම අධිකවෙලා.
සිනමාවෙ පැත්තයි කාන්තා පාර්ශ්වය ගැනයි අවධානය හරි හැටි යොමුකරගන්න කොච්චර මහන්සි වුණාද කිව්වොත් ඒ දවස් දෙක තුනේම ගෙදර කොම්පියුටරෙත් එළිවෙනකන් වැඩලු.
ඔන්න පහුවදා උදේ පාන්දරින්ම ඇයට ජනප්‍රිය නළුවෙකුගෙන් කෝල් එකක් ආවලු.
"මොකද නංගි වෙලා තියෙන්නෙ? මේ දවස්වල වයර් මාරැවෙලාවත්ද?"
"අනේ ඇයි අයියේ මොකද වෙලා තියෙන්නෙ...?"
"ඔයා මට සාරි බ්ලවුස් බ්ලොක්ස් වගයක් ඊමේල් කරලා තියෙන්නෙ..."