බහු වචනය ‘අත්ස්’
අපේ සිනමාවේ මුල් යුගයේ ඉඳලම ඉන්දීය ආභාෂයක් තිබුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුල් යුගයේ සිංහල චිත්‍රපටවල වැඩ කළේ ඉන්දියානු කට්ටිය. කාලයක් ගියාම ඒ අයටත් අපේ සිංහල භාෂාව කතා කරන්න පුළුවන් වුණාලු.
පහුගිය දවස්වලත් විදෙස් රටවල්වලින් ඇවිත් අපේ සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කළානේ. ඒ වගේම විදෙස් නළු නිළියොත් අපේ චිත්‍රපටවල රඟපෑවා.
ඔහොම රඟපාපු විදෙස් නළුවෙක් අපේ සිංහල භාෂාව ගැන හරියට උනන්දු වුණාලු.
මෙයා ඔය විවේකී වෙලාවට එහෙම අපේ කාර්මික ශිල්පීන් එක්ක සිංහල භාෂාව ඉගෙන ගන්නවලු.
“ඉංග්‍රීසියෙන් අතට කියන්නේ HAND. එකට වැඩිනම් HANDS. ඒ කියන්නේ බහු වචනය.” අපේ කොල්ලෙක් එයාට කිව්වලු.
එතකොට එයා අපූරු පිළිතුරක් දුන්නලු.
‘අත’ ඒක වචන නම් බහු වචන වෙන්න ඔනේ ‘අත්ස්’ නේ?” ඔහුගේ කතාවට හැමෝටම හිනා ගියාලු.