බස් රථ වසංගතය නවතමු
පහුගිය දවසක එක්තරා ප්‍රවීණ කලා ශිල්පියෙක් හදිස්සියකට පෞද්ගලික බස් රථයක ගමනක් ගිහිං.
එදායින් පස්සෙ මෙයාට ප්‍රයිවට් බස් අරහංලු.
"මින් පස්සෙ නම් මම මළාට ප්‍රයිවට් බස් එකක යන්නෙ නැහැ - ඇයි බං කාටද බං ඔය තරම් ඇඬියාවක් ඔරොත්තු දෙන්නෙ?
"බස් එකට නැග්ග වෙලාවෙ ඉඳලා කන පැලෙන්න සීඩී එක දාලා අලුත් ගායකයින්ගෙ දුක් අඳෝනා සින්දු. මින් පස්සෙ පයින් ගියත් ඔය බස්වල යන්නෙ නෑ.
බැරිම තැන මම ඒ බස් එකෙන් බැහැලා ඊළඟ බස් එකට නැග්ගා. යකෝ ඒකෙත් යන්නෙ ඒ සින්දු ටිකමනෙ. මේක නම් බලධාරීන් හොයලා බලන්න ඕනෙ වැඩක්.
පරිසර දූෂණය ගැන හොයන අය බස්වල යන්නෙ නැති නිසාද මේ තරම් ශබ්ද දූෂණයක් පේන්නෙ නැත්තෙ, ඇහෙන්නෙ නැත්තෙ... බලාගෙන ගියාම මේක තනිකර මාෆියාවක්. ඔය සල්ලි දීලා රේඩියෝ ටීවීවල සින්දු දම්මගන්න කට්ටිය, ප්‍රයිවට් බස්වල අයට ජරාව දීලා අහිංසක මගීන්ට ඒ දහජරාව අහන්න සලස්වල තියෙනවා." ඔහු කිව්වලු.