බර බරේට බරක්
මොරටුව පැත්තෙ ඉන්න අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ඔහුගේ නිවසේ ප්‍රශ්නයක් පිළිබඳව නිරාකරණය කරගන්නට ඒ පැත්තෙ තිබෙන නගර සභාවකට ගියාලු.
මේ දිනවල ඔහු ටෙලි නාට්‍යවලත් වැඩිය පේනන නැති නිසාද කොහෙද එහි සේවය කළ බොහෝ දෙනෙකුට ඔහුව අඳුනගන්නට බැරි වෙන්න ඇති.
ඊටත් වඩා ඔහු දැන් රුවුලත් දිගට වවලා. තම කාරණය භාරව ඉන්න නිලධාරියා පිටතට ගොස් සිටි නිසා ඔහුට ටික වේලාවක් අමුත්තන්ට වෙන්කර තිබූ අසුනක වාඩිවෙලා ඉන්න සිද්ධ වුණා. කම්මැලිකමට වටපිට බලාගෙන හිටපු ඔහු එක් වරම පැමිණිලි පෙට්ටියක් තියෙනවා දැක්කලු.
තරමක් විශාල පෙට්ටියේ "මහජන පැමිණිලි හෝ යෝජනා මෙම පෙට්ටියේ බහාලන්න" කියලා ලියා තිබුණා.
ඒත් පෙට්ටියේ විවරය පේන්න තිබුණෙ නැහැලු. අසුනෙන් නැගිට පටපිට බැලූ ඔහුට එක් වරම හිනා ගියේ පෙට්ටියට පැමිණිලි හෝ යෝජනා බහාලන විවරය මත ලීටර් 2ක් පිරැණු වතුර බෝතලයක් තිෙයනවා දැකලා.
එයට ලිපියක් බහාලන්නට අවශ්‍ය කෙනෙක් අර බර ලීටර් 2කේ ප්ලාස්ටික් වතුර බෝතලය අයින් කළ යුතුය කරලා පැමිණිල්ල දාන්න ඕනෑ.