බයනම් එන්න එපා
පහුගිය දවස්වල රට තුළ තිබුණු අවිනිශ්චිත තත්ත්වය නිසා අපේ කලාවටත් විශාල බලපෑමක් ඇතිවෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් කලා නිර්මාණ කටයුතු නතර වෙලත් නැහැ.
පසුගියදා අලුත් වේදිකා නාට්‍යයක මුහුරත් උත්සවයක් කොළඹදී පැවැත්වුණා.ඔන්න උත්සවය දවසේ නැකැත් වෙලාවත් ළං වුණා. ප්‍රධාන චරිතයක් රඟපාන තරුණ නළුවෙක් තාම ඇවිත් නැහැ. අධ්‍යක්ෂකවරයා ඔහුට කෝල් එකක් දුන්නා.
අනේ සොරි අයියේ මට එන්න බැරිවෙයි අද. අපේ අම්මා බයයි මම කොළඹ යනවටඅධ්‍යක්ෂකට ආපු කේන්තිය පාලනය කරගන්න බැරි වුණාලු.බයනම් ඉතින් මේ වැඩේට ඔයා නාවත් කමක් නැහැ. ඔයා ගෙදරට වෙලාම ඉන්නකෝ.අධ්‍යක්ෂකවරයා කිව්වලු.