පෝය මතක් වුණේ රෙදි සාප්පු දැකලා
බණ්ඩාරගම පැත්තෙ එදා ටෙලිනාට්‍යයක රෑගත කිරීමක් තිබුණා.
තමාගේම වාහනෙන් දර්ශන තලයට පැමිණෙන එක්තරා රංගන ශිල්පියෙක්, එතෙන්ට ආවෙ මූණ අප්සෙට් කරගෙන.
"අපරාදෙ අද පෝයනෙ. අද අපිට ඕෆ් එකක් දෙන්න තිබුණනෙ. ඇත්තටම අද පෝය කියලා දැනගත්තෙ මඟට ආවට පස්සෙ. නැත්නම් මඟදිම කෝල් එකක් දීලා බල්ටියක් දානවා," ඔහු සහාය අධ්‍යක්ෂකවරයාට කිව්වලු.
"ඇයි අයියේ ගෙදරදි දැනගත්තෙ නැද්ද අද පෝය කියලා. මඟ එනකොටද කැලෙණ්ඩරේ බැලුවෙ?" සහාය අධ්‍යක්ෂක අහනවා.
"පිස්සුද අයිසෙ මඟ එන ගමන් ටවුන්වල තියෙන රෙදි කඩ දැකලා තමයි අද පෝය කියලා දැනගත්තෙ. පෝය දවසට රෙදි සාප්පුවල ඩමිවලට අන්දන්නෙ සුදු ඇඳුම්නෙ..."