පෝක් ඇද ඇරීම
මුල්ලේරියාව පැත්තේ ඉන්න මැදිවියේ කලා ශිල්පියෙක් විවේකය ලැබෙන අවස්ථාවල ප්‍රදේශයේ බයිසිකල් පදින්නේ එයා ශරීර සුවතාවය සඳහා බව කවුරුත් දන්නවා. තේ බොන්නෙත් සීනි නැතුව. හරිම පරිස්සමෙන් කෑම බීම තෝරා ගන්නේ.
ඔන්න දවසක් එයාගේ බයිසිකලේ රෝදේ අවුලක් වෙලා ස්පෝක් ඇද වෙලා.
එයාගේ යාළුවකුට ඒ ගැන කිව්වම, එයා මේ කලා ශිල්පියාවත් එක්කරගෙන ගියාලු කොටිකාවත්ත පැත්තේ සයිකල් කඩේකට.
කඩේ ළඟට ගිය කලා ශිල්පියා ආපහු හැරිලා ආවලු.
“මොකද ලොක්කා එක පාරටම වුණේ?” යාළුවා කලා ශිල්පියාගෙන් ඇහුවලු.
“අයිසේ මම ජීවිතේට කිසිම මසක් කාපු මනුස්සයෙක් නෙවෙයි.”
“හරි ඉතින් දැන් මොකද වුණේ?”
“බලනවකෝ කඩේ බෝඩ් එක දිහා...”
කඩේ ඉස්සර තඩි පොල් ගෙඩි අකුරෙන් ගහලා තිබුණේ “පෝක් ඇද ඇරීම” කියලා.