පොල් වත්තෙ ජරමරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-09-14-ent-07වයඹ පැත්තෙ මුතුපුරේ තියන වැවිල්ලට සම්බන්ධ ආණ්ඩුවෙ එක්තරා කොම්පැණියක අමුතු ජාවාරමක් කෙරෙනවලු... අක්කර විශාල ගණනක වතුවල තියෙන වැව් හාරන්න කියලා අවසර අරන් ඒවයෙන් වැලි ගරාගන්න එකලු මේ ජාවාරමේදි සිද්ධ වෙන්නෙ.

වැව් හාරලා ගොඩදාන පස් කියුබ් එක ආණ්ඩුවෙන් රැපියල් 350/- අරගෙන ඒක වැලි කරල රැපියල් 7000ට විතර විකුණනවලු මේ ජරමරේට සම්බන්ධ නිලධාරි කස්ටියට විනය පියවර ගන්න ගියාම ඒක භාර ආණ්ඩුවෙ නිලමෙලාට. වලියට බර පළාතේ මන්තිරි සයිස් මහත්තයෙක් ගෙම්බරේ දානවලු. ආණ්ඩුවෙ ආර්ථික වැඩ භාර දේසපාලන ලොක්කො ළඟ අඩලා දොඩලා වැරුද්ද විනය බලන නිලධාරින් පිටම දානවලු...

අන්තිමට ජරමර කරන අය සුදනො වෙලා හරි වැඩ කරන අයට ලොකු ලොකු මැති ඇමැතිලා එක්ක බාල්දි පෙරළන එකලු කරන්නෙ.

මේ වැවිල්ල සම්බන්ධයෙන් සමාගමේ වැලි වැඩේ විතරක් නොවේ පොල් ජාවාරමකුත් වෙනවලු. ආණ්ඩුවෙ ගණන් බැලීම්වල හැටියට අක්කර දාස් ගණනක පොල්වතු හිමි මේ සමාගමේ සමහර වතුවල එක කන්නෙට එක පොල් ගහකින් එකගෙඩියලු කඩන්නෙ. ඒකනම් මාර වැඩක් කියලයි දන්න කියන අය කියන්නෙ....

 

DESHAYA