පෙරවැරදි කතාවෙන් අර්බුදයක්
ඒකාබද්ධ කස්ටියගෙ උඩරට පළාතෙ ඉන්න ලොක්කෙක් වේදිකාවෙ සැර කතාවක් කළාලු.
නාවලපිටිය පැත්තෙ තිබුණ මේ රුස්වීමේදි තමන්ල ආණ්ඩුකරන කාලෙ සමහර ලොක්කො කරපු වැරදි ගැන මේ කටකාර ලොක්ක ටිකක් සැර විවේචනයක් කළාලු. දැන් ඒකාබද්ධ විපක්ෂයට කිට්ටුවෙලා ඉන්න පසුගිය ආණ්ඩුව වට්ටවපු සමහර ලොක්කන්ට මේ කතාවලින් හොඳටම රිදිලලු...
ඒ හින්ද කතාව එක දෙක කරල පරණ ලොකු තැනගෙ කනේ තිබ්බ... උන්නැහේ ඒක අහල සෑහෙන්න පරලවෙලා තමන්ගෙ ප්‍රධානත්වෙන් නාවලපිටිය පැත්තෙ තියෙන රුස්වීමටත් එන්නෙ නැහැ කීවලු. කතාව කරපු අයටත් ලොකු බරබරයක් දැම්මලු. මේ සැර කතාව නිසා කියන්න තිබුණ රුස්වීමක් කැන්සල්වුණා කියලයි ආරංචි.