පුළුවන් නම් යවන්න
ආණ්ඩුවට අයිති හොඳට බිස්නස් තියන සමාගමක සභාපතිකම කරන උන්නැහේට ගෙදර යන්න ලෑස්තිවෙන්න කියලා අමාත්‍යංශයෙන් කිව්වලු...
විෂය භාර ඇමැති තැන මේ විදිහට එයාට යන්න කියන්නෙ කලින් ඔය විෂය භාරව හිටපු ඇමැතින්ගෙන් මේ සභාපති පත්වීම ලබපු නිසා කියලයි ආරංචි.
මේ සභාපතිත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයිලු... උන්නැහේ දේශපාලන පක්ෂයක ලොක්කෙක්... කොච්චර ලොක්කෙක්ද කියනව නම් උන්නැහේලගෙ පක්ෂයෙන් තමයි දැන් ඉන්න රටේ ලොකු මහත්තය හංසයා ලකුණින් ඡන්දය ඉල්ලුවෙත්...
ඒ නිසා උන්නැහේ සූදානම් නැතිලු කෑගල්ලෙ ඇමැතිගෙ "ගෑස්" බලන්න... එයා කොච්චර "ගෑස්" පෙන්වන්න හැදුවත් තමන් සභාපතිතැන තමන්ගෙ "ගෑස්" වල බලෙන් සභාපතිකමේ දිගටම ඉන්නව කියලයි දැන් කියන්නෙ...
තවදුරටත් අනවශ්‍ය විදිහට කරදර කරන්න ආවොත් තමන් ළඟ ලොකු නීතිමය තුරැම්පුවක් තියනව කියලත් සභාපති තැන කියනවලු...