පුදුම ඇඬිල්ලක්
හෙට අනිද්දට එන්න තියෙන අලුත් චිත්රපටයක් ඊයේ පෙරෙදා විශේෂ පිරිසකට කොළඹ ජනප්රිය සිනමාහලක ප්රදර්ශනය කරලා තියෙනවලු.
ඒකට ආරාධනා ලැබුවේ නිෂ්පාදකවරයගේ හා අධ්යක්ෂකවරයාගේ ළඟම හිතවතුන්.
ඔන්න ඒකට එක්තරා කලා ශිල්පියෙකුට එන්න බැරිවෙලා. හරියට ඊට පහුවදාම අධ්යක්ෂකවරයාට ඒ ශිල්පියාව වෙනත් උත්සවයකදී මුණගැහිලා තියෙනවා.
"හරි හරි අපි කිව්වොත් තමයි ඔයාට එන්න බැරි." ඩිරෙක්ටර් යාළුවට දොස් කියලා.
"සොරි මට හදිසි වැඩවගයක් තිබුණා ඒකයි එන්න බැරිවුණේ. මට ආරංචියි හරිම සංවේදියි කියලා" අර ශිල්පියා කිව්වලු.
"සංවේදීද කියලත් අහනවා. මම ගිය මාසෙ ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ හිටියා බ්ලඩ් කවුන්ට් එකත් හොඳටම බැහැලා. ඒකට පොඩ්ඩක්වත් අඬපු නැති මගේ නෝනා, ඊයේ ෆිල්ම් එක බලලා ඉකි ගගහා ඇඬුවෙ. බොහොම අමාරැවෙන් නවත්තගත්තෙ." අධ්යක්ෂවරයා නෝනාව පෙන්නලා කිව්වලු.