පින්තූර අලවා සහනාධාර බෙදු දේශපාලකයාට ඉහළින් තරවටුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-05-31-ent-88තම පිංතූරය අලවා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහනාධාර පාර්සල් ලබාදී ඇති රාජ්‍ය ඇමැතිවරයකුට ඉහළ පෙළේ දේශපාලනඥයකු විසින් තදින්ම දොස් පවරනු ලැබ ඇති බව කියති.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබී තිබූ ලක්ෂ 200 කට ආසන්න භාණ්ඩ තොගයක් තම ගෝල බාලයන්ගේ හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ සහාය ලබාගෙන පාර්සල් කර තම ඡුායාරූපයක්ද අලවා මෙම භාණ්ඩ තොගය බෙදාහැර ඇත.

ජනතාව අසීරුවට පත්ව සිටින අවස්ථාවක මනාප වැඩිකර ගැනීමට දේශපාලනඥයන් ගන්නා උත්සාහය ගැන ඉහළ පෙළේ දේශපාලනඥයා තරයේ දොස් පවරා ඇති බව වාර්තාවේ.

අසීරුවට පත් ජනතාවට අවශ්‍යව ඇත්තේ සහනාධාර වන අතර මේ මොහොතේ ඡුන්ද ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ දැරීම නොකළ යුත්තක් බවද ඉහළ පෙළේ දේශපාලනඥයා අවවාදකර ඇති බව කියති. 

 

sunday-lankadeepa