පිච් එකද A පොසිටිව්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-06-24-ent-106රියැලිටි වැඩසටහන්වලට සහභාගී වන සමහර තරගකරුවො ඉබේටම වගේ ගායකයො වෙනවනෙ. පුංචි තිරයේ මුහුණ වැඩිපුරම දකින නිසාත් සමහරු කැමති පැරැණි ගීත මේ අය ගයන නිසාත්, විනිසුරු මඬුල්ලේ අය මේ අය මුරුංගා අත්තේ නග්ගලා තියන නිසාත්, ඇතැම් විට සහජයෙන්ම ගායන හැකියාවන් තිබෙන නිසාත් මිනිස්සු මේ අයට ප්‍රිය කරනවා.

නමුත් මෙවැනි බොහෝ දෙනෙක් කියන්නෙ දන්නෙ සීමිත සින්දු ප්‍රමාණයක්. ඒවත් අනුන්ගෙ සින්දු. ඔන්න වාද්දුව පැත්තෙ යාළුවෙකුගේ මඟුල් ගෙදරට තරුණ රියැලිටි ගායකයෙකු ආරාධනාවක් ලැබිලා තියෙන්නෙ සින්දුවක් දෙකක් කියන්නත් එක්ක.

ඔන්න කොළඹ ඉඳන් වාද්දුවට මේ තරුණයා කැබ් එකක් බුක් කරගෙන යන ගමන් මෙයාට කෝල් එකක් එනවා අර මඟුල් ගෙදරට එන්න කියපු යාළුවගෙන්.

"මචං අද වෙඩිං එකේ සෙල්ලම් කරන්නෙ ආමි බෑන්ඩ් එක. මනමාලිගෙ බලවත් ඉල්ලීමක් තියෙනවා මංච උඹට %ඉවුරු තලා^ සින්දුව කියන්න." ඔහු කිව්වලු.

"අනේ මචං පිස්සු නම් කෙළින්න එපා. මම %ඉවුරු තලා^ ජීවිතේට කියලා නැහැ. වෙන සින්දු දෙකක් මම පුරුදු වෙලා ආවෙ.* "අනේ බුදු යාළුවේ, මගේ කාඩ් එක කුඩු කරන්න එපා. කොහොම හරි ගූගල් එකට ගිහිං සින්දුව හොයලා එන ගමන් මුමුණමින් වරෙන්. උඹට පුළුවන් මචං," ඔහු ඇවිටිලි කළා.

රියැලිටි තරුණයා වහාම ඔහු හඳුනන තවත් සංගීත අධ්‍යක්ෂකවරයෙකුට කතා කළා.

"මම ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නෙ ලේ දෙන්න. තව පැයකින් කතා කරනවද?"

"අනේ ප්ලීස් ලොකු හදිස්සියක්. "ඉවුරු තලා" එකේ ඔරිජිනල් පිච් එක විතරයි මහත්තයෝ දැන ගන්න ඕනෙ. වෙරි සොරි මේ වෙලාවෙ කරදර කළාට."

"A පොසිටිව්"

"පිච් එකද A පොසිටිව්?"

"නෑ මනුස්සයෝ ඉස්පිරිතාලෙ අයට මගේ ලේ වර්ගය කිව්වෙ. ඔයා තව පැය දෙකකින් කතා කරන්නකො."

 

DESHAYA