පැමිණිල්ල කුණු කූඩෙට
පහුගියදාක ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේ මීටිම ඉවර වෙලා ලොකු මහත්තය යන්න හදන කොට නිතර ආන්දෝලනාත්මක පුවත් මවන ඇමැති මහත්තයෙක් ලොකු මහත්තය ළඟට ගිහින් පොඩ්ඩක් හම්බු වෙන්න අවසර පැතුවා.
අවසරය ලැබුණම අර ඇමැතිතුමා ඔන්න ලොකු චෝදනා පත්තරයක් දිග අරින්න ගත්තා... මේ චෝදනා පත්තරේ මගින් චෝදනා කළේ දැනට කවුන්සිලේ ලොකු පට්ටමකට වග කියන ක්රීඩාවට සම්බන්ධ සභාවකත් මුල් පුටුව හොබවන අයටලු...
මේ කතාව නොයෙක් විදියට ලොකු මහත්තයට මීට කලිනුත් වාර ගණනක් පැමිණිලි කළේ එතෙන්ට පත්වෙන්න උත්සාහ කරල බැරි වුණ කෙනෙක් වීමත් විශේෂයක්.
ඉතින් මේ අලුත් පැමිණිල්ල ඉදිරිපත් වුණාම ටිකක් කේන්තියට පත්වුණ ලොකු මහත්තය මෙහෙම කිව්වලු.
"ඔහෙත් ඔය පට්ටම ඉල්ලුවනේ. ඒත් මිනිස්සු ඡන්ද දුන්නෙ එයාටනෙ. ඔයත් හරියට මේ රටේ හිටපු ලොකු මහත්තය වගේ නේ... පත්වුණ කෙනාට ලැබුණ තනතුර ආපහු ඉල්ලන්න එපා. එයාට එයාගෙ වැඩේ කරගන්න ඉඩ දෙන්න... ආපහු අවස්ථාවක් ආවොත් තරග කරන්න..." එහෙම කිව්ව ලොකු මහත්තය යන්න ගියා...