පැනමාවට බයවුණ ලොක්කා
දැන් මේ පැනමා කේස් එකක් ලොකු තොවිලයක් වෙලා... මේ ජරමරේට මැදිවෙලා ඉන්නවය කියන අයගෙ නම් ලැයිස්තුවක් ප්රකාශ වුණාට ඒක ඇත්තම එක නෙවෙයි කියලත් කතාවක් යනව.
තවත් දවස් ගණනකින් ඇත්තම ලැයිස්තුව එළියට එනවා කියලත් කියැවෙනවා.
කොහොමින් කොහොමහරි පැනමා කතාව ආවම ඒ නිසා කැළැඹිලා ඉන්න අය අතරෙ ආණ්ඩුවෙ පට්ටමක් දරන ජාතික ලැයිස්තු මහත්තයෙක් ඉන්නවය කියලා "සූ" ගාලා කතාවක් යනව.
උන්නැහේ මේ දවස්වල ඉන්නෙ නිවාඩුවකට රට ගිහිල්ලලු. ඒත් හැමතිස්සෙම තමන්ගෙ නිලධාරි කස්ටියට කතා කරකර පැනමාවෙන් අලුත් නම් ලැයිස්තුවක් දාලද කියලා චෙක් කරමින් ඉන්නවා කියලයි ආරංචි.
ගිය ආණ්ඩුව කාලෙ හිටපු ලොකු තැනටයි ආරක්ෂක ලොකු තැනටයි කිට්ටුවෙලා ඉඳල දැන් යහපාලනේ මුල්ගලක් වගේ පෙනී සිටින්න හදන මේ දේශපාලුතුමා තමන් කරපු ජරමර දන්න නිසා මේ තරම් බයවෙලා ඉන්නව කියලයි ළඟම ඉන්න නිලධාරි කියන්නෙ.