පැණි කකුළුවෝ
කලා ලෝකයේ කවුරැත් දන්නා සිනමා මාධ්‍යවේදිනියක් පහුගිය සතියේ ලොකු අකරතැබ්බියකට මුහුණ දීලා තියෙනවා.
දැන් ඇය කාන්තා පත්තරේක කර්තෘවරියක් ලෙසත් කටයුතු කරනවා.
කකුල බැන්ඩේජ් කරගෙන අත්වාරැවකින් තමයි ඔෆිස් එන්නෙ මේ දවස්වල.
බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. මෙයා ඔෆිස් එන අතරතුර "පැණි මකුළුවෝ" චිත්‍රපටයේ පෝස්ටර් වගයක් දැකලා. ඒකෙ සනත් වගේ කෙනෙක් ඉන්නවා දැකලා ළඟට ගිහින් බලන්න හිතිලා. ඔන්න ඔය වෙලාවෙ තමයි කකුල කාණුවක් අස්සට ගිහින් ඇඹරිලා තියෙන්නෙ.
කකුලට වෙච්ච ඇබැද්දිය නිසා දැන් මේ චිත්‍රපටය ගැන කතා කරන හැම වෙලාවෙම මෙයා කියන්නෙ %පැණි කකුළුවෝ^ කියලලු.