ප්රවීණත්වයේ සංකේතය
පසුගිය දවසක ගායකයකු නොවන කලාවට සම්බන්ධ අයකුගේ ගීත ගායනා කරන වීඩියෝවක් මූණු පොතේ සැරිසරනවා කවුරුත් දැක තිබෙනවා.
ඒ සඳහා ප්රතිචාර (comments) වගේම ලයික් ද විශාල වශයෙන් ලැබී තිබුණා.
ඒත් ඒ අතර තිබූ ඇතැම් සුවිශේෂී ප්රතිචාර ගැනයි මේ සටහන තබන්නේ.
ඒ ප්රතිචාර දමා තිබුණේ මේ රටේ වසර 40කට 50කට ආසන්න කාලයක් සංගීත ක්ෂේත්රයේ නියැලිලා ඉන්න ප්රවීණ ජනප්රිය ගායක ගායිකාවෝ.
කෙනකුගේ හොඳක් දුටු තැන ඒවා අගයන්නට ඒ ප්රවීණයෝ පසුබට වෙන්නේ නැහැ. නව පරපුරේ කලා ශිල්පීන්ට ඔවුන්ගේ ආදර්ශය ගොඩාක් වටිනවා.