ප්‍රවීණ 'භාරකාරයා'
මේ දිනවල රූගත කරමින් යන අලුත්ම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ප්‍රවීණයෙක්. අලුත් වගේම ප්‍රවීණ නළු නිළියො මේකෙ විවිධ චරිත රඟපානවා. ඒත් ප්‍රධාන චරිතය රඟපාන්නෙ අලුත්ම නිළියක්.
මේකෙ රඟපාන ප්‍රවීණ නළුවෙක් මේ නවක නිළියගේ නිල නොලත් භාරකාරයා වෙලා කියලයි ආරංචිය. මේ ළමයත් දැන් ඉන්නෙ හරිම පීඩනේකින්ලු. මුල්ම රංගනයත් එක්ක පීඩනයට මෙවැනි දෙයක් වුණාම ආයිත් අහන්න දෙයක් නෑනෙ.
“මාර ඇණයක් අනේ මේ අංකල්. මම කොල්ලෙක් එක්ක හිනාවුණත් වැරදියි. කතා කළොත් ඔරවනවා. වෙලාවකට මගේ කකුල් දෙක ගැහෙනවා.” එයා කලා ලෝකෙ දන්න හඳුනන හොඳම යාළුවෙකුට එහෙම කියලලු.