ප්‍රකාශය එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-07-27-ent-06පසුගිය දවසක රාජපක්ෂ පවුලෙ සාමාජිකයෙක් අධිකරණ නියෝග මත වැලිකඩ ගියා. උන්නැහේ අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරපු දවසෙ ඒකාබද්දෙ මන්තිරි සයිස් මහත්තුරැ කස්ටියක් උසාවියටත් ආව. එයාල එතනින් එන්න හදනකොට උන්නැහේලට මතක් වුණා මේ සිද්ධිය ගැන මාධ්‍යයට සැර ප්‍රකාශයක් කරන්න ඕන කියලා...

එහෙම හිතලා මෙයාලා අතරෙ හිටපු දිනේෂ්තුමා විමල්තුමා වගේ අය තමන්ගෙ වාහනවලට නගින්නෙ නැතුව මාධ්‍ය කස්ටිය එනකම් බලන් හිටියෙ දතකට මැදගෙනලු...

ඒත් අනේ අවාසනාවකට වගේ මාධ්‍ය කස්ටිය ප්‍රකාශ ගන්න ආවෙ නැහැ. ඈත ඉඳන් මේ හුටපටේ දිහා බලන් හිටපු කුරැණෑගල ජොනීතුමා කතන්දරේ තේරැම් අරන් මාධ්‍ය කස්ටිය කිට්ටුවට ඇවිල්ල කතා කළා... 

උන්නැහේ මාධ්‍ය කස්ටියගෙන් මෙහෙම ඉල්ලීමක් කළා. 

"මල්ලිල මේ අපි කැමැතියි මේ අසාධාරණ සිද්ධිය ගැන මාධ්‍යයට ප්‍රකාශයක් දෙන්න... ඒ නිසා මල්ලිල දැන් ඒක ගත්තොත් හොඳයි..." එතුමා කීවා. උන්නැහේ එහෙම කිව්වත් මාධ්‍ය කස්ටිය නෙවෙයි ඒක ගානකට ගත්තෙ...

ඊළඟට නැවතත් ජොනීතුමා ඒ ඉල්ලීම කළාම මාධ්‍ය කස්ටිය කිව්ව "මහත්තයෝ අනේ සොරි දැන් නම් බැහැ... අපිට වෙන වැදගත් වැඩක් තියෙනව කියලා. එහෙම කියපු මාධ්‍ය සගයෝ යන්න ගියේ සිද්ධියට අදාළ වෙනත් බරපතළ ඉසව්වක් ආවරණය කරන්නලු.

වෙනද ප්‍රකාශ ඉල්ලා ඉල්ලා පසුපස හඹා එන මාධ්‍ය මේ පාර ආපසු හැරිල ගිය එකෙන් අප්සට් වුණ ජොනීතුමා පළවෙනි වතාවට මට මාර ලැජ්ජාවක් ඇතිවුණා කියලා ගිහිල්ල යන්න වාහනේට නැග්ගලු. 

 

DESHAYA