පරිප්පු නම් කිරි හොදිම තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-10-07-ent-13ඝරසවත් කෑමබීමවලට අපි කවුරැත් කැමතිවුණාට ඒවා රහට හදන්න හැමෝටම බැහැනෙ. ඒක වෙනම කලාවක්.

අපේ කලා ලෝකෙත් රහට කෑම බීම හදන්න පුළුවන් අය ගොඩාක් ඉන්නවා. හදන කෑම බීම හිතවතුන් සමඟ බෙදා හදාගන්න කැමති අයත් ඒ වගේම ඉන්නවා.

අපේ කලා ලෝකෙ ඉන්න එක්තරා ශිල්පියෙක් දැන් විවාහ වෙලා අවුරැදු 30ක් විතර වෙනවා.

ඒ ගැන කතා කර කර ඉන්න වෙලාවක ඔහු අතීතයේ සිදුවුණ අපූරැ කතන්දර ටිකක් කිව්වා.

‘ඉස්සර අපේ උන්දෑට හරියට උයන්න බැහැ. දැන්නම් එයා තරම් රහට උයන කෙනෙක් අපේ පවුලෙම නැහැ. ඉස්සර මට කිරි හොද්දක් ඕන වුණාම මම නෝනට කියන්නෙ පරිප්පු එකක් හදන්න කියලා. හදලා එනකොට ඒක කිරි හොද්දක් වෙනවා. කැඳ එකක් බොන්න ආස හිතුණම එයාට කියනවා හොඳ තේ එකක් හදන්න කියලා...’

 

DESHAYA