පරවුණු මල්වල සුවඳ අතීතේ
අතරමඟ බිඳ වැටුණු ආදර සම්බන්ධතා වගේම කියාගන්න බැරිව ගිලිහී ගිය ආදර කතා කොතෙක් නම් තිබෙන්නට පුළුවන්ද?
මේකත් කලා ක්ෂේත්‍රக දෙකක දෙන්නෙකුගේ කියාගන්න බැරුව දැනෙන්ට ඉඩ තැබූ කතාවක මතක සටහනක්.
ඔහු එක් කලා ක්ෂේත්‍රයක නමක් හදාගෙන ආ කාලයක්. ඇයද නමක් හදාගෙන කලා ක්ෂේත්‍රයේ පෙරළියක් කරන්නට ඉදිරියට ආ කාලයක්. ඔහු හා ඇය ක්ෂේත්‍රයේ වැඩ සඳහා නිතර මුණගැසෙනවා. කතාබහ කරනවා.
මොහුගේ හිතේ ඇය කෙරෙහි තිබෙන ආදරය, ළෙන්ගතුකම කියාගන්නට බැරිව කල් ගෙවයි. ඔන්න ඔය කාලෙම වගේ තමයි වැලන්ටයින් දින උන්මාදයක් මේ රටට එන්න පටන් ගත්තෙ. බම්බලපිටිය පැත්තෙ මල් කඩේකට ගිහිං ඔහු ඇගේ ගම්පහ නිවසට රෝසමල් පොකුරක් යවන්න කටයුතු කරනවා වැලන්ටයින් දවසක.
උදෙන්ම යැවූ රෝසමල් කළඹට දහවල් වෙද්දීත් ප්‍රතිචාරයක් නැතිවීම නිසා ඔහුගේ හිතට නොයෙක් සිතුවිලි ගලා එන්නට විය. &අපරාදෙ... මම හදිසි වුණා වැඩිද? ඔහු ඔහුගෙන්ම ඇසුවා.
හිත එකලස් කරගන්නට බැරි තැන ඔහු මල් කඩේට ගියා.
"අර ගම්පහ ඕඩරේ යැව්වද?"
"හා ඒක අද දවස අතුළත දෙනවා මහත්තයෝ. අපේ එක්කෙනා ඉතිං බයිසිකලේ පැදගෙන යන්නත් එපායැ"
"එහෙනම් තාම මල් ටික දීලා නැහැ" ඔහු සැනසුම් සුසුමක් හෙලුවේය.
ඇගෙන් රෑ වනතුරු දුරකථ ඇමතුමක්වත් නැත.
"අපරාදෙ මම කරගත්ත මෝඩකම. කමක් නැහැ ආදරේ ප්‍රකාශ කරන්නත් අපි රිස්ක් ගන්න එපායෑ* ඔහුටම කියාගනිමින් ඔහු නින්දට ගියේ පහුවදා ඇයට කතාර කරන්නට හිතාගෙනය.
පහුවදා උදේ 10ට විතර ඔහු ඇයට කෝල් එකක් දෙනවා.
"ගුඩ් මෝනිං. කොහොමද?"
"හොඳින් ඉන්නවා. අවුලක් නැහැ" ඇය කියනවා.
"ඊයේ ඔයාට මම බඩුවක් යැව්වා ලැබුණද?"
"ආ... ඔව් ඔව් හවස්වෙලා මනුස්සයෙක් ගෙනාවා. අර පරවෙච්ච මල් ටික නේද?"