පදම වැඩි වුණාමත් සන්ග්ලාස්
අපේ සිනමාවේ සම්මානනීය නළුවෙක් මොනතරම් කාර්යබහුල වුණත් කලාවට සම්බන්ධ උත්සවවලට නම් නොවරදවාම එනවා. ඒවා රූද දවල්ද කියලා ඔහුට අදාළ නැහැ.
ඔහු වැඩ කරන්න ගියාමත් රූද දවල්ද කියන එක අදාළ වෙන්නෙ නැහැ. ඔසු පැන් බොන්නත් ඔහු හරි හපනා. ඒ වැඩේටත් දිවා රාත්‍රී ඔහුට එකයි.
ඔන්න පහුගිය දවසක ඔහු ජැන්ඩියටම ඇඳ පැළඳගෙන පාටියකට ආවා. ඒක තිබුණෙ රූ. ඒත් ඔහු තඩි අව් කණ්ණාඩියක් ඇඳගෙන හිටිය නිසා කවුරැත් ඒ ගැන අවධානය යොමු කළාලු.
පාටියෙදි ඔහුගෙ හොඳම යාළුවෙක් ළඟට කිට්ටුවෙලා ඇහුවලු මොකද රූටත් සන්ග්ලාස් දාන්නෙ කියලා.
“දන්නැද්ද මචං ඊයෙ රූවෙලා පටන් ගත්තු පාටිය ඉවර වුණේ එළිවෙලා. මටත් අම්බානෙට වැඩි වුණා. ඇස් දෙක ඉදිමිලා, රතුවෙලා. ඉතින් ඒකට තියෙන හොඳම පිළියම තමයි මේ සන්ග්ලාස් එක,” ඔහු කිව්වලු.