පණ අදින සද්දෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170119Melody-1අපේ සුපුරැදු අපූරු කතා කියන කලා ශිල්පියාට ඊයෙ පෙරේදා මාර වැඩක්වෙලා. මේ දවස්වල ෂූටිං නැති නිසා ගෙදර ඉන්නෙ. ඒ නිසා ගොඩාක් රෑ වෙනකම් මෙයාට නින්ද යන්නෙ නැහැ. ඔන්න අහල පහල ගේකින් කෙඳිරියක් වගේ සද්දයක් අපේ ශිල්පියාට ඇහෙනවලු. මෙයා එළියට ගිහින් බැලුවලු කොයි ගෙදරින්ද මේ සද්දේ එන්නෙ කියලා.

පසුවදා උදේන්ම ඒ ගෙදර ගිහින් ඔහුගේ අසල්වැසියගෙන් ඇහුවලු ඊයෙ රෑ ඇහුණ අර සද්දෙ ගැන.

“මම හිතුවෙ ඔයාලගෙ සීයට අසනීපයක් කියලා.”

“නෑ අයියේ එහෙම එකක් නෑ. වෙන ගේකින් ඒ සද්දෙ ඇහෙන්න ඇත්තෙ.”

“නෑ මල්ලියෝ මට ෂුවර් ඒත් කමක් නැහැ අද රෑටත් ඒ සද්දෙ ඇහුණොත් මම කෝල් එකක් දෙන්නම්කො.”

ඔන්න එදා රෑත් ඒ සද්දෙම ඇහෙන්න පටන් ගත්තලු. කලා ශිල්පියා අර අසල්වැසි සහෝදරයාට කොල් කරලා කිව්වලු අර සද්දෙ ඇහෙනවා කියලා.

“අයියෝ මේ අපේ දුවට අලුතින් අරන් දීපූ මෙලෝඩිකා එක පුරැදු වෙනවනෙ...”

 

DESHAYA