පට්ටමට තට්ටු කරන්න ගිහින් මට්ටු වෙයිද?
රාජ්ජ පරිපාලනේ මහලේකම්ගේ කතාවක් අල්ලගෙන උන්නැහේගෙ පට්ටමට තට්ටු කරන්න ආණ්ඩුවෙ ලොකුම කන්තෝරැවක ඉන්න ලොකුම මට්ටමේ ලේකම් කෙනෙක් ගමකට වැඩලු..
පසුගිය පැවති ඡන්දය වෙලාවෙ අනිත්ම මොහොත වෙනකම් හිටපු ලොකු තැනගෙ සෙවනෙ ඉඳල කරපු සමහර වැඩ නිසා "බ්ලැක්බුක් එකෙත් නම ලියැවණයි කියන මුන්නැහේ කෝච්චර දක්‍ෂද කිව්වොත් පැය 24ක කරණමක් ගහලා රටේ මහම ලේකම් පුටුවකට අරක් ගත්තලු.
කොහොමහරි උන්නැහේගෙ පට්ටම ඊට වඩා හොඳට කරන්න පරිපාලන ලේකම් තැන දන්නවය කියලා ආණ්ඩුවට ප්‍රබල තැනකින් ඉහළ නිර්දේශයක් ආවා. ඔන්න ඔය හුටපටේ හේතුවෙන් පරිපාලනේ ලේකම් තැනට කටින්න බලන් ඉන්නකොට උන්නැහේගෙ මේ ප්‍රකාශනය නිකුත් වුණා..
ඒක ඉහළට පත්තු කරලා පරිපාලන ලොක්කා දොට්ට දාන්න සටන පටන් ගත්තෙ ඉන් පස්සෙලු. මේ සටනෙ ප්‍රතිඵලයක් හැටියට පරිපාලන ලේකම් තැන තැපෑලට තල්ලු කරලා. ඒත් උන්නැහේ ඒකට එරෙහිව හොඳ සටනක් දෙන්න යනවා කියලයි ආරංචිය. සමහර විට ඉදිරි කාලෙදි බ්ලැක්බුක් එකේ නම තිබුණු මහත්තයගෙ ජාතක කතාව එළි දකින්නත් පුළුවන්.