පට්ටමක් ගන්න යාගයක්
කුකුළගෙ පිට නැගලා වතුකරේ කරක් ගහන ලොකු දේශපාලුතුමෙක් මේ දවස්වල ඉන්නෙ මාර අප්සෙට් එකේ.. ඒකට හේතුව ආණ්ඩුවට පන්දම අල්ලලත් තවම උන්නැහේට ඇමැති පට්ටමක් නොලැබීම..
ඒ වැඩේ කෙරෙන්නම ගිය වෙලාවෙ ඒකට උදැල්ල දැමීමෙන් වතුකරේම ඉන්න ඇමැති සයිස් පොරක්. ඉතින් උන්නැහේ අදහස සපල කරගන්න නම් ඒකට විශේෂ යාග පූජාවක් කරන්න කියලා මුන්නැහේට දෛවඥ උපදෙස් ලැබුණා..
ඒ අනුව ක්රියාත්මක වුණ දේශපාලුතුමා ඉන්දියාවෙ හයිද්රාබාද්වලින් පූජකයො දෙතුන් දෙනෙක් ගෙනල්ලා කොට ගල පැත්තෙ වතු බංගලාවකදි සතියක් පුරාම දැවැන්ත යාගපූජාවක් සිද්ධ කළා..
ඒකට වියදම දසලක්ෂ ගණනක් කියලයි තොරතුරැ දන්න අය කියන්නෙ. මේ පූජාව ඉවර කරලා සතිතුන හතරක් ඇතුළත ඔහුගේ අදහස සපලවේවි කියලා දෛවඥයෝ දුන්න උපදෙස අනුව වැඩ සිද්ධවේද කියලා උන්නැහේ දැන් බලන් ඉන්නවලු.