පක්‍ෂ මාරැවකට ආරාධනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-06-07-ent-03ගිය ඡන්දෙදි බුලත් කොළෙන් කොළඹට ඉල්ලල පැරදුණත් පස්සෙ ජාතික ලැයිස්තු වාසනාව උදාවුණා.. දැන් කවුන්සිලෙන් දෙවැනි මට්ටමේ පට්ටමක් දරන මහත්තයෙක් ඉන්නවා.

උන්නැහේ කවුන්සිල් පට්ටමට අමතරව රටේ ජනප්‍රිය ක්‍රීඩාවකත් ලොකු වගකීමක් දරන්නෙක්...

පසුගියදාක උන්නැහේට මාර ආරාධනාවක් ලැබුණලු. ඒකෙන් කියැවුණේ කොළඹින් කවුන්සිලේට සලුවෙන්න නම් බුලත් කොළේ නැතුව අලියගෙන් එන්න කියන එකලු.. මේ ආරාධනාව කළේ දැනට අලි පාටියෙ ඉන්න ලොකුම චරිත දෙකක් විසින්ය කියලත් පොඩි කසු කුසුවක් යනවා..

මේ තීන්දුවට එකඟ වුණොත් අලුතෙන් කැබිනට් පට්ටමක් වුණත් ලැබෙන්න පුළුවන් කියන ආරංචියක් මෙයාගෙ කනේ තිබ්බලු. හැබැයි කැබිනට් පට්ටම ගන්නට නම් දැනට එයා විසින් දරනු ලබන සෙල්ලං සභාවෙ සභාපතිකම පුජාකරන්න වෙයි කියලත් කියලා..

ඉතින් කොහොමහරි මේ ඇරියුම ලබපු මහත්තයා මේ ගැන දිගින් දිගටම කල්පනා කරමින් ඉන්නව කියලයි ආරංචි.... මේ දවස්වල ආණ්ඩුව යන ගමන ගැන තියන ආරංචි නිසා මෙයා වැනෙමින් ඉන්නවා කියලා ළඟම ඉන්න අය කියනවා.

 

DESHAYA