නෝනගෙ විස්තරේ
ආර්ථික වැඩවලට සම්බන්ධ අමාත්‍යංශයක ඉඳගෙන තමන්ට ඕන වැඩයි එපා වැඩයි "ජරමරයි" කරන තරැණ නෝනකෙනෙක් ගැන පසුගිය දවස්වල එක කතාවයි...
මේ නෝන හරි බලවත්ලු. බදු සහන දෙනවලු. බදු කපනවලු. බලපත්තර දෙන්න කියනවලු. තවත් නොයෙක් දේවල් කියනවලු. වැඩ ගොඩයිලු.. ඉතින් මේ වැඩ වලින්ම හෙම්බත්වුණ ආණ්ඩුවෙ නිලධාරි ගොල්ල ඉන්නෙ නෝන එක්ක ෆුල් කේන්තියෙන්ලු.
ඒ වුණාට නෝනට විෂයභාර දේශපාලන ලොකුතැනගෙ හයිය තියනවා කියලයි කියන්නෙ. ඒ වුණාට මෙයා "සත්තම දාපු" නිලධාරි කස්ටිය මෙයාගෙ විස්තර හොයලා පාර්ලිමේන්තුවෙ විපස්සෙ ඉඳන් කෑගහන පංචායුධ තුමාට දුන්න. උන්නැහේගෙත් කටට බ්රේක් නැහැනේ. ඉතින් සල්ලි අමාත්‍යංශෙ මොල්ලිය තියන කස්ටියත් ඉන්නවය කියලා සැර කතාවකුත් කළා..
කොහොමහරි රටට ගේන වාහන බදු ගැන මේ නෝනා මහත්තය දිගින් දිගටම උනන්දු වෙලා සහන දෙන්න යනකොට විපක්ෂයෙ කස්ටිය හෙව්ව මොකද්ද ඒකෙ රහස කියලා බැලින්නම් මේ නෝනගෙ පවුලෙ කස්ටියගෙ බිස්නස් එක ඒකලු... අනේ... ඉතින් ගෙදරට උදව්වක් කරන එක පව් වැඩක් නෙවේනේ.. අනේ.