නූතන ගීතය හා කොත්තු රොටිය
පහුගිය දවසක සංගීත ප්‍රසංගයක් අවසන් කර ගෙදර එමින් සිටි සංගීත ශිල්පීන් පිරිසක් රූ කෑම කන්න හෝටලයක් ළඟින් වාහනය නැවැත්තුවලු. හෝටලේ කොත්තු බාස් තාලෙට කොත්තු හදන හැටි මේ ගොල්ලො ඕනකමින් බලන් හිටියලු.
"අද ඇහෙන ගීත ගැන කල්පනා කළාම මට හිතෙනවා කොත්තු රොටිය ඊට වඩා හොඳයි කියලා." එක ශිල්පියෙක් කිව්වලු.
"ඒ මොකෝ මචං එහෙම කියන්නෙ?"
"නෑ ඇත්තටම හිතලා බලපංකො දැන් ඇහෙන සින්දුවල මොනවද තියෙන්නෙ කියලා. තාලෙ විතරයි, මෙලෝ රහක් නෑනෙ."
"ඉතිං කොත්තුව කොහොමද හොඳ වෙන්නෙ?"
"ඇයි බං කොත්තුව හදනකොට ඒකෙ තාලයක් තියෙනවා. හදලා ඉවර වුණාම ඒකෙ හොඳ රහකුත් තියෙනවනෙ." කතාව අහලා හැමෝටම හිනා ගියාලු.