නීති ලොක්කෙක් යයි?
ආණ්ඩුවෙ නීති අංශ ඉහළ තනතුරක් දරන මහත්තයෙක් ඉල්ලා අස්වෙන්න යනවය කියලා තිරය පිටි පස්සෙ කතාවක් යනව...
මුන්නැහේ සේවය කරන දේපාර්තමේන්තුවෙ ජ්‍යෙෂ්ඨම කෙනා උන්නැහේ වුණත් පසුගිය කාලෙ දෙපාර්තමේන්තු ප්‍රධානිය තෝරද්දී උන්නැහේටත් වුණේ පොලීසියෙ ජ්‍යෙෂ්ඨයට වුණු වැඩේමලු. මේ විදියට මෙයාට පට්ටම නොලැබෙන්න හේතුව එක්තරා සමාගමක් ගැන එයා කරපු නීතිමය පරීක්‍ෂණයක් කියලා කියැවෙනව. මෙයා මේ ගැන ගත්ත නිගමනය වැරදි කියලයි එයාට කැපුණෙ.
හැබැයි ඊට පස්සෙ දැන් මාස ගණනක් ගියත් ඒ තීන්දුව වෙනස් වෙලා නැහැ. ඒ අතරේ තමන් දැන් මේ කන්තෝරැවෙ දෙවැනිය වුණත් හරි හමන් වැඩකුත් නැති නිසා... උන්නැහේ හොඳටම කලකිරිලා මේ කතාව ජාත්‍යන්තරයට කීවලු. ඊට පස්සෙ ලෝකෙන් ලොකු රස්සාවක් ලැබුණලු. පැකේජ් එකත් ලොකුලු... ඉතින් එයත් යනවලු..