නිළියො විකුණන් කන්න එපා
කලා ක්ෂේත්රය තුළ හොඳ දේවල් වගේම අනුමත කරන්න බැරි දේවලුත් සිද්ධවෙනවනෙ. ඒ වගේ වැරදි වැඩ දැක දැක ඇස් කන් පියාගෙන සමහරැ ඉන්න නිසා තමයි, එවැනි වැඩ තව තවත් කරන්න ඇතැම් අය පෙළඹෙන්නෙ.
මෑතකදී රෑපගත කෙරැණු එක්තරා ටෙලිනාට්‍යයක රඟපාන තරැණ නිළියකට ඒ නාට්‍යයේ සහාය අධ්‍යක්ෂකවරයා, තවත් අලුත් නාට්‍යයක රඟපාන්න ආරාධනා කරලා.
"නංගි මේ තියෙන්නෙ පිටපත. මමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ. මේකෙ නිෂ්පාදනය කරන්නෙ මගේ හොඳ යාළුවෙක්. අද හවසට මෙහෙ එයි වැඩි විස්තර කතා කරගන්න," ඔහු කිව්වලු.
ඔන්න ටිකක් රූ බෝවීගෙන එද්දි අර නිෂ්පාදකවරයා ආවලු.
"නංගි මේ තමයි නිෂ්පාදක මහත්තයා. යමුකො අපි අර කළුවරට ගිහින් කතා කරමු," සහාය අධ්‍යක්ෂක කිව්වලු.
"ඇයි මොකටද කළුවරට යන්නෙ. මෙහෙම කතා කරමු."
"අනේ නංගි ඔයාට තේරෙන්නෙ නැද්ද? මෙහෙම ඉඳලා ඔයාට බැහැ ලොකු තැනකට එන්න."
අර නිළිය පිටපතෙන් සහාය අධ්‍යක්ෂකට දමලා ගහලලු.
ඔන්න බොලේ එදා ඉඳන් මේ නිළියට අර මනුස්සයා මාර කැපිල්ලක් දානවලු.
"අනවශ්‍ය දේවල්වලට එකඟ නොවුණම අපට වෙන දේවල් තමයි මේ," අර නිළිය යාළුවන්ට කියලා.