නිළියක් මිනී පෙට්ටිය කඩයි
මේ දිනවල අති සාර්ථකව තිරගත වන චිත්රපටයක් තමයි වැලි පවුරු මේ ආදර්ශමත් පවුලේ චිත්රපටයේ ජනප්රිය නළු නිළියන් රැසක් චරිත නිරූපණය කරනවා.
මේ නිර්මාණයේ බොහෝ කොටස් රූපගත කෙරුණෙ කොළඹින් බැහැර දර්ශන තලවලයි.
ඔන්න මෙහි එන එක දර්ශනයක අපේ සම්මානනීය රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මියගිහින් මිනී පෙට්ටියක වැතිර සිටිනවා. පවුලේ අය මෙන්ම හිතවත් අය ඒ වටේ ඉඳන් විලාප දෙනවා. අපේ තවත් ජනප්රිය නිළියකුත් මේ අතර අඬනවා. මේ නිළිය එක පාරටම අඬ අඬා මිනී පෙට්ටියට හේත්තු වෙනවා. ඒත් එක්කම මිනී පෙට්ටිය තල්ලු වෙලා ගිහින් දිල්හානිත් එක්කම පෙරළෙනවා.
දිල්හානි හිනාවෙවී පෙට්ටියෙන් නැගිටිනවා. ඇයට කිසිම අනතුරක් සිදු වී නැහැ. ඒත් මිනී පෙට්ටිය නම් තැන් තැන්වලින් කැඩිලා.
මිනී පෙට්ටි කඩේ බාස් උන්නැහැ ඇවිත් පෙට්ටිය හදනකල් කට්ටිය ලන්ච් බ්රේක් එකට ගියාලු.