නිළිය බ්ලොක් කරන සැමියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-09-ent-07

ඔන්න ළඟදී පටන්ගත්ත අලුත් චිත්‍රපටයකට නවක මුහුණක් හඳුන්වා දුන්නා. ඇය දස්කම් පාන තරැණ නිළියක්.

ඇය ෂූටිං එන දවස්වල කොහොම හරි එතෙන්ට එනවා මැදිවියේ කොල්ලෙක්. කෙල්ලගෙන් ඇහුවම කියන්නෙ එයාගෙ අයියා කෙනෙක් කියලා. ඔන්න ෂූටිං බාගයක් දුර කරගෙන යද්දී මේ කෙල්ල දවසක් අතුරැදන් වෙනවා. බැලිනම් අර අයියා මේ කෙල්ලව බැඳලා. දැන් මෙයා කෙල්ලව ෂූටිං යවන්න දෙන්නෙ නැතුව එක එක වැඩ කරනවලු.

මේකෙ ඩිරෙක්ටර් දවසක් ඔහුට හොඳ ලෙක්චර් එකක් දුන්නලු.

“ඔයා මෙයාව බැන්දෙ ඊයේ පෙරේදා. ඒ කොලේට අත්සන් කරන්න ඉස්සර තමයි ඔයාගෙ නෝනා අපේ ගිවිසුම් කොලේට අත්සන් කළේ. එනිසා හොඳ හිතින් ඉතුරැ ෂූටිං කරන්න එයාව දෙන්න නැත්නම් අපේ පාඩුව ගෙවන්න." කෙල්ල පහුවදාම ෂූටිං ආවලු.

 

DESHAYA