Saaravita.lk|| නිහතමානී ජෝති

නිහතමානී ජෝති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-13-ent-226

අග්‍රගණ්‍ය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන් ගැන හා ඔහුගේ පුදුමාකාර මනුස්සකම ගැන බොහෝ දේවල් කතා කර තිබෙනවා.

එහෙත් ඔහු ගැන තවත් අලුත් කතා රුසක් විටින් විට මතුවෙන්නෙ ජෝති අපේ මතකයෙන් ඈත් නොවෙන චරිතයක් නිසා. ජෝති ළඟින් ඇසුරැ කළ කිංස්ටන් ප්‍රනාන්දු මෑතකදි අපූරැ කතාවක් කිව්වා.

රාගම ප්‍රදේශයේ එක්තරා සංගීත ප්‍රසංගයක් නිමවීමත් සමඟම ජෝති ඔහුගේ වාහනය වෙත ගමන් කළා. ඔහු පසුපස මිනුම් පටියක් කරවටේ දමාගත් අතේ කතුරක් ගත් මනුස්සයෙක් ආවලු.

ජෝති තරමක් බියට පත්වුණාලු.

"අනේ බයවෙන්න එපා ජෝති අයියෙ මම මේ ළඟ තියෙන දාස ටේලර්ස් එකේ අයිතිකාරයා. මම කැමතියි ජෝති අයියට සූට් එකක් මහලා දෙන්න..." ඔහු කිව්වලු.

ජෝති ඔහු සමඟ ළඟ තිබුණ ටේලර් සාප්පුවට ගිහින් ඔහුගේ මිම්ම දුන්නලු.

"අනේ ජෝති අයියෙ ආයෙත් රාගම ෂෝ එකක් තිබුණොත් මම මහන මේ සූට් එක ඇඳගෙන ආවොත් මට ලොකු ආඩම්බරයක්..." ඔහු කිව්වලු. ඊට මාස තුනකට පසු ජෝතිට රාගම තවත් සංගීත ප්‍රසංගයක් තිබුණලු. ඔහු එදා ඇඳගෙන ආවෙ එදා මහලා දුන්න සූට් එක. ඒ විතරක් නෙවෙයි ඔහු සින්දු කියලා බහින්න කලින් මෙහෙමත් කිව්වලු.

"මේ ලස්සන සූට් එක මට මහලා දුන්නෙ රාගම දාස ටේලර්ස් අධිපති..."

අන්න මුල අමතක නැති නියම මිනිස්සු!

 

DESHAYA