නිෂ්පාදක වෙනුවෙන් අතක් උස්සයි
පහුගිය දවසක උදයකාන්ත වර්ණසූරියගේ "වස්සානේ සඳ" අලුත්ම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කොළඹ දී පැවැත්වුණා. ඒ සඳහා සුවිශේෂී පිරිසකට ආරාධනා කර තිබුණා. චිත්‍රපටයේ සම නිෂ්පාදක මහේෂ් බණ්ඩාර පදිංචිවෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. ඔහුත් මේ විශේෂ දර්ශනයට සහභාගි වුණා. චිත්‍රපටය ආරම්භ කරන්නට මත්තෙන් උදයකාන්ත සභාව ඇමතුවා. ඕස්ට්‍රේලියාවෙන් පැමිණි මහේෂ්වත් සභාවට හඳුන්වලා දෙන්න උදයකාන්ත ඔහුව හෙව්වා.
"කෝ අපේ මහේෂ් මහත්මයා..."
මහේෂ් හිටියෙ ශාලාවෙ කොනක වාඩිවෙලා.
"කෝ මහේෂ් ඉන්න තැනකින් අත උස්සන්න..", උදයකාන්ත ආයෙත් කිව්වා.
ඒ පාර අතක් ඉස්සුනා. ඒත් ඒ මහේෂ්ගෙ අත නෙවෙයි, චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගෙ අත.
බැලින්නම් මහේෂ්ගෙ අතේ බඩු වගයක් තිබුණු නිසා ඔහුට අතක් උස්සන්න බැරිවෙලා.
එයාට සහයෝගයක් හැටියට තමයි අයේෂ්මන්ත අත උස්සලා තියෙන්නෙ.