නිකං නටලා කාටද හරි ගියේ?
වසරක් පාසා ලංකාවෙ ජනප්රිය කලා ශිල්පීන් ඉදිරිපත් කරන වර්ණවත් නර්තන ප්රසංගයක් අවුරුද්දෙ අන්තිමට තියනවනෙ.
මේ ප්රසංගයෙන් ලැබෙන මුදල් යොදවන්නෙ කලා ශිල්පීන්ගෙ සුභ සාධන වැඩකටයුතුවලට. ඒ නිසා මේ ප්රසංගයට එන නළු, නිළියෝ මුදල් අය නොකර නොමිලේම ඉදිරිපත් වෙනවා. මොනතරම් ආදර්ශමත් ක්රියාවක්ද? ඒත් මුදල් මත යැපෙන සමාජයක හැමදාම මෙවැන්නක් බලාපොරොත්තු විය හැකිද?
ඔන්න මේ මාසේ ඒ ප්රසංගයට ජනප්රිය නම් තියෙන කීප දෙනෙක් එන්න බැහැයි කියලලු.
හේතුව? තතු දත් ආරංචි මාර්ගවලට අනුව, එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මේ අයව මුදල්වලට අරගෙනලු. මොකක්? ඔව් ඒ ගොල්ලොත් මේ වගේම ප්රසංගයක් කරන්න යනවලු. එනිසා අර ජනප්රිය අයට ලොකු මුදලක් දීලා අර වසරක් පාසා කරන වැඩේට යන එක නවත්තලලු.
නිකං නටලා කාටද හරි ගියේ කියලා ඒ අය අහනවලු.