නැවුම් සැලඩ් එක
පසුගියදා කලා ලොවේ ශිල්පියෙකුගේ විවාහ උත්සවයක් තිබුණෙ රාත්‍රියක කොළඹට ආසන්න හෝටලයක.
ප්‍රවීණ කලා ශිල්පියෙක් උත්සවයට ආපුවෙලේ ඉඳං ඔරලෝසුව දිහා බල බලා නොඉවසිල්ලෙන් ඉන්නවලු. “මොකෝ අයිසෙ ප්‍රශ්ණේ?* සහෝදර ශිල්පියෙක් ඇහුවම ඔහු දුන්නෙ අපූරැ පිළිතුරක්.
“මේ දවස්වල මම රූ කෑම කන්නෙ හවස 6ට. දැන් බලන්න රූ 9ටත් කිට්ටුයි. බුෆේ එක ඇරලත් නැහැ. බුෆේ එකේ සැලඩ් වර්ගත් නැහැනෙ. කොහෙන්ද මම අඩුමගානෙ නැවුම් එළවළු, පළතුරැ පීරිසියක් හොයා ගන්නෙ...?
“අයියෙ කනවනම් නැවුම් ගහෙන් කඩපු ගමන් ෆ්‍රෙෂ් බඩුවක් තියෙනවා කන්න..."
“ඒ මොකද්ද බං..."
“බලන්නකො මේ මල් වාස් එකේ දාලා තියෙන අලුත්ම නැවුම් මල් ටික..."