නළුවා නාන කාමරේ
එක්තරා කලා ශිල්පීන් පිරිසක් පහුගිය දවසක යුරෝපා රටක සංචාරයක් ගියාලු. විවිධ නගරවල තිබුණු සංදර්ශන අතරතුර ඔවුන් නැවතිලා හිටියෙ තරැ පහේ හෝටල්වල.
ඔන්න එක දවසක් මේ කට්ටියට ඒ රටේ ඉන්න අපේ ශ්‍රී ලංකා තානාපති ආරාධනා කළාලු රාත්‍රී භෝජන සංග්‍රහයකට. එදා කට්ටියටම නවාතැන් පහසුකම් සපයලා තිබුණෙ තානාපතිතුමාගෙ නිල නිවසෙ.
පහුවදා උදේ එක්කෙනෙක් හැර අනිත් කට්ටියම ආවලු උදේ කෑම මේසෙට. නාපු කලා ශිල්පියා හොයන්න එයාගෙ කාමරේට ගියාම එහෙත් මිනිහා නැහැල්ලු.
ඒත් ඒ නාන කාමරේ දොරට ඇතුළෙන් කවුදෝ තට්ටු කරනවා ඇහෙනවලු. දොර ළඟට කන තියල බැලුවම ඒ ශිල්පියා ඇතුළෙ දොර ඇරගන්න බැරිව හිරවෙලා.
"මොකද බං උඹට හයියෙන් දොරට ගහන්න තිබ්බනෙ. නැත්තන් අපට කෝල් එකක් දෙන්න තිබ්බනෙ.", ඔහුගේ සගයෙක් කිව්වා.
"කොහොමද මචෝ හයියෙන් දොරට ගහන්නෙ? අල්ලපු කාමරේ ඉන්නෙ තානාපතිතුමා. අනික නාන්න යනකොට කවුද ෆෝන් ගෙනියන්නෙ. මේකට නම් දාලා තියෙන්නෙ යකාගෙ ලොක් එකක්," දොර කඩලා එළියට ගත්තට පස්සෙ ඒ ශිල්පියා කිව්වලු.