නළුවට මාර ඉවක්
කලා ලෝකයේ පෙම් පළහිලව්, පෙම් සබඳතා බිඳවැටීම්, විවාහ, දික්කසාද, අරයගෙ එක්කෙනා මෙයා එක්ක යාළුවීම් අරුම පුදුම දේවල් නෙවෙයි. තුන් පාර්ශ්වයක් හැටියට අපි ඕවා දෙස කොහොම බැලුවත්, ඒ සිද්ධීන්වලට අදාළ චරිත ජීවත් වෙන්නෙ, තැන් තැන්වලට යන්නෙ එන්නෙ බොහොම විපරමින්ලු.
කලා ලොවේ සුප්‍රසිද්ධ උත්සවයක් ළඟදි ප්‍රසිද්ධ ශාලාවක පැවැත්වුණාලු. එක්තරා තරුණ රංගන ශිල්පියෙක් එතනට ආවෙ උත්සවේ පටන් ගත්තයින් පස්සෙ. ඇවිත් වාඩිවෙලා තියෙන්නෙ එයාගෙ කලින් පෙම්වතියයි ඇගේ වර්තමාන පෙම්වතයි වාඩිවෙලා හිටිය පේළියේමලු. අඳුරේ අත පත ගගා ඇවිත් වාඩිවුණ නිසා අවට කිසිම දෙයක් පෙනිලා නැහැ.
ඒත් කෙටි විවේක කාලයේදී බලද්දි ඔහු එතනින් කොහොම හරි වාෂ්ප වෙලාලු. එළිය නොතිබුණාට ඔහුට කළුවරේ හොඳ ඉවක් තිබුණා කියලයි ඔහු අසල සිටි අය කිව්වෙ.