නමක් යන දුරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-01-ent-193එත්කරා තිර රචිකාවියක් ටෙලිනාට්‍ය කතාවක් ලියාගෙන යනවා. එය නිෂ්පාදනය කරන්නත් එක්තරා නිෂ්පාදිකාවක් ඉදිරිපත් වෙනවා.

එහෙත් මූලික අදියරේ පැන නැගෙන යම් යම් මත ගැටුම් නිසා එම ව්‍යාපෘතිය එතැනින් නවතිනවා. ඒත් තිර රචිකාවිය ඇගේ කතාවේ නම ලියාපදිංචි කරගන්නවා.

ඔන්න ටික කලක් යනකොට අර මුලින් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුණු කාන්තාව වෙනත් කෙනෙකු ලවා මේ නමින්ම කතාවක් ලියාගෙන නිෂ්පාදනය කරන්න යනවලු.

සදාචාර සම්පන්න නොවූ ක්‍රියාව ගැන තිර රචිකාවිය මූණු පොතේ මේ ගැන හෙළිකළාලු.

ඔන්න බොලේ ඒකට එනවලු කමෙන්ට්ස් හෝ ගාලා. ඒත් ඒකොහෙවත් අර නිෂ්පාදිකාවගේ නම සඳහන්වෙලා නැහැල්ලු.

ඒත් පුහුල් හොරා කරෙන් දැනේ කියනවා වගේ ඇය වටේටම කමෙන්ට් කරන අයට බැණ බැණ යනවලු. සමහර අය ලවා බණිනවලු. තමාට සිදුවුණ අපහාසයට නීති මගින් ක්‍රියා කරනවලු.

"එතකොට අර තිර රචිකාවියට සිදුවුණ අසාධාරණයට මොකද වෙන්නෙ," කියලා කට්ටිය ඇගෙන් අහනවලු.

 

DESHAYA