නඩුත් එක්ක මුකුත් බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-04-04-ent-30බුලත් කොළ පාටියෙන් ඇවිත් ආණ්ඩුවෙ මහ පට්ටම් දරන හතර පස් දෙනෙක් තදින්ම කලකිරිලලු... ඉන්නෙ... එයින් දෙන්නෙක්ම වයඹලු. වයඹ දෙන්නගෙන් කෙනෙකුත් කොළඹින් පත්වූ ඇමැති සයිස් මහත්තයකුටත් තියන ප්‍රශ්නය නඩු දෙකක්ලු. ආණ්ඩුවෙ ඉහළම තැන්වල ඉඳන් මේ නඩුවලටත් යන්න වුණාම පටි රෝල් වෙන නිසා මේවයින් නිදහස් නොකළොත් ඡන්ද කෙරැවාව අමාරැය කියලයි මේ දෙන්නම කතා වුණේ. මේ දෙන්න පොඩි පහේ අය නොවේ. දෙන්නම ප්‍රධාන පක්ෂ හා සන්ධාන දෙකක හිටපු ලේකම් සයිස් මහත්තුරැලු.

මෙහෙම ගියොත් ආයෙම ඡන්ද ඉල්ලන්නෙ නැහැ කියලත් කියන මේ දෙන්නගෙන් කෙනෙක් දැන් ටැලිෆෝනුත් ඕෆ් කරලය කියල කියනව. අනෙක හිටපු ලොක්කගෙ ගුණ වයනවලු. ඒ අස්සෙ වයඹින් පත්වූ පක්ෂ මාරැ කළ කෙනෙකුත් පරණ ලොකු තැනගෙ ගුණ ගායන කරන්න පටන් අරන් කියනව. මේ ජරමර නිසා එක්කෙනෙක් දෙන්නෙක් බුලත් කොළේට සමු දීලා අලි පාටියට ඉව අල්ලන්නත් සූදානම්ලු.

 

DESHAYA