දොයිය බබා ඩිරෙක්ටර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-08-12-ent-15ජනප්‍රිය තරැණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුට පුදුම ලෙඩක් හැදිලලු මේ ළඟකදි ඉඳලා.

ටෙලි නාට්‍යයක් රෑපගත කරන දර්ශනතලයේ මොනිටර් එක ඉස්සරහ වාඩි වුණ ගමන්ම මෙයාට නින්ද යනවලු.

මොනිටර් එක ඉස්සහරට ආව ගමන් මුලු සෙට් එකේම කට්ටිය සීන් එකට ලෑස්තියි. ස්ටෑන්ඩ්බයි, කැමරා රෝලිං.... ඒත් අධ්‍යක්ෂකවරයාගේ "ඇක්ෂන්" එක නැහැලු. බැලින්නම් ලොකු මහත්තයට නින්ද ගිහින්.

කට්ටිය නම් ඕකට හේතු ගොඩක් කියනවා. අපි නම් ඇත්තම හේතුව දන්නෙත් නැහැ, අපිට අදාළත් නැහැ.

ඕක ඇබ්බැහිවීමක් වෙන්නැති. සමහර අයට බස්වල, කෝච්චිවල නැගලා වාඩිවුණු ගමන් නින්ද යනවනෙ. එහෙම අයට කාලයක් ගිහිල්ලා වැඩියෙන් ඇබ්බැහි වුණාම බස් එකකට නගින්නම ඕනෙ නැහැ. බස් එකක් කෝච්චියක් දැක්ක ගමන් නින්ද යනවලු.

 

DESHAYA