දේශපාලන රහසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20160314-oops-06උඩරට පළාතෙන් කවුන්සිලේට ඇවිල්ල ආණ්ඩුවෙ පට්ටමක් දරන මහත්තයකුගෙ සමීප ඥාතිවරයකුගෙ මළගෙයක් තිබුණ.

ආණ්ඩුවෙ ලොකු ලොක්කො හුඟ දෙනෙක් ඒ මළගෙදරට ඇවිත් ගියා..

අවශ්‍ය කටයුතුවලට කලින්දවසෙ රාත්තිරි මළ ගෙදරට රුස් වුණ මැති ඇමැති කස්ටියත් ඇඟපත එහෙම රත්කරගෙන ලොකු කතාවකට වැටුණ... රත්වෙලා හිටපු වෙලාව නිසා කිවයුතු දේයි නොකිව යුතු දේයි එතන කියැවෙන්න ගත්තලු..

එයින් එක්කෙනෙක් කිව්ව අපි මේ තනතුරැ ගත්තෙ පරණ ලොක්කගෙ උපදෙස් අනුවය කියලයි. ඒ අයට වෙලාව එනකම් පට්ටම් දරන්න කියලා උන්නැහේ උපදෙස් දුන්නය කියලත් කිව්වලු..

මේ කතාව අහගෙන එතන හිටපු තවත් මැති ඇමැති සයිස් දෙතුන් දෙනෙක් ඒක අහලා ඔලුව වැනුවලු. හැබැයි මුකුත් කීවෙනම් නැතිලු.

DESHAYA