දේශපාලන ග්රහ මාරැවක්
අගෝසතු මාසෙ අන්තිම කාලෙ සිද්ධවෙනවය කියන අවුරැද්දෙ ප්රබලම ග්රහ මාරැව ගැන දේශපාලන නායකයන් දෙතුන් දෙනෙක් හොඳටම කලබල වෙලාලු.
මේ දෙතුන් දෙනා දැන් සිද්ධ වෙන්න පුළුවන්ය කියන අතුරැ ආන්තරා වලින් බේරෙන්න ලොකු ලොකු යාගහෝම සංවිධානය කරන්න පටන් අරන්ලු...
එක ලොක්කෙක් වෙනුවෙන් දැනටමත් පටන් ගෙන තිබෙන පුදපූජා කොළඹ නගරෙ මැද සුපිරි කස්ටිය ජීවත්වන පැත්තක තියන නිවසක රූට රූට සිද්ධ වෙනවලු.. ඒ පුදපූජා කටයුතු නිසා මතුවන ඝෝෂාව හින්දා අහල පහළ මිනිස්සුන්ටත් කරදරයි කියලත් ආරංචියි.
ඒ ජරමර සිද්ධවෙද්දි ඉහළ පෙළේ නායකයන් ගණනාවකගෙ හඳහත් රුගත් විශේෂ දූතයෝ දෙතුන් දෙනෙක් අල්ලපු රටට පියාඹලා ගියාලු..
එයාල ගෙනාපු අනාවැකි ගැනත් දූෂමාන ආරංචි යනව.. කෝකටත් අගෝස්තු 25 – 26න් පස්සෙ මොකක් වේද කියලා දේශපාලනේ ගැන දන්න අය බොහොම සංවේදීව බලන් ඉන්නව කියලනම් ආරංචියි..