දෙයියන්ට කියන නඩුවක්
කොළඹ 7 ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක් ළඟ සම් - බාහන මධ්‍යස්ථානයක් විවෘත කරලය කියලා එක කතාවයි...
මේ රටට ජනාධිපතිවරැන් අගමැතිවරැන් පවා බිහිකරපු මේ ඉස්කෝලෙ ළඟ තහනම් බිස්නස් එකක් කරන්න බිස්නස් කස්ටියට හයියක් ලැබුණෙ කොහෙන්ද කියලා සොයා බලාපු මව්පියන්ට අකුරැ දෙකකින් මුළු රටම දන්න දේශපාලන භවතෙක් ගැන දැනගන්න ලැබුණ...
මේ දවස්වල හැමතැනම නම කියැවෙන මේ චරිතය නිසා ඉස්කෝලෙට වෙච්ච හානිය කියල මව්පියො විතරක් නෙවෙයි ළමයි කස්ටියකුත් රටේ ඉහළම කන්තෝරැ දෙකකට ලියුම් ඇරියා කියලත් ආරංචියි...
හැබැයි සම් - බාහනේට හයිය දෙන ලොක්කගෙ බලේ නිසාද නැත්නම් වෙනත් කාරණයක් නිසාද දන්නෙ නැහැ මේ කිසිම පැමිණිල්ලක් ගැන කිසිම දෙයක් වෙන්නෙ නැතිලු.
ඒ නිසා දැන් මව්පියො කියන්නෙ මේ අවනඩුව දෙවියන්ට තමයි කියන්න වෙන්නෙ කියල.