දෙන්නෙක් අලියා පිට...
මේ දවස්වල හමන දේශපාලන කුණාටු නිසා නොයෙක් ප්‍රශ්නවලට මුහුණදීලා ඉන්න &බුලත් කොළේ* නියෝජනය කරන දෙන්නෙක් ළඟදීම අලිය පිට නගින්න සේරම සූදානම්ලු...
මේ දෙන්න වෙලාවකට ඒකාබද්දෙත් වෙලාවකට මෛත්‍රිතුමා ළඟත් ඉන්න දෙන්නෙක් කියලයි ආරංචි. එයින් එක් කෙනෙක් නම් මහ විශාල නීතිමය පටලැවිල්ලකට මාට්ටුවෙලා පසුගිය කාලෙ හුඟ දවසක් මහ උළුගෙදර හිටපු සබරගමුවෙ පොරක්ලු... තමන්ගෙ පක්ෂයට "කොකා" පෙන්නල උන්නැහේ අනෙක් පැත්තට යන්නෙ තීරණාත්මක ප්‍රශ්නයක් විසඳාගන්න කියලයි ආරංචි.
ඊළඟට ගන්න හදන කෙනා මේ රටේ ලොකු ව්‍යාපාරයක් අයිති කෙනෙක්ලු. ගම රජරටලු. හුඟාක් දක්ෂ පක්ෂ නම් සහ මුදල් හදල් ඇති ව්‍යාපාර ක්ෂේත්රයේ නිපුණ පොරක් වන උන්නැහේ නියෝජනය කරන දිස්තිරික්කෙ ඉන්න ප්‍රබල දේශපාලන නායකයන්ට පවා මේ ගමන ගැන ඉව වැටිලලු...
කොහොමහරි මේ දෙන්න ළඟදිම අලිය පිට නගින බවයි ආරංචි. නමුත් රජරට මහත්තයගෙ ගෙදරින් මේකට විරෝධතා මතුවෙලා කියලත් කියවෙනවා.