දැන් මූඩ් එන්නෙම නෑලු
එක්තරා නව පරපුරේ තරුණ නළුවෙක් මේ දිනවල රෑපගත කරන චිත්රපටයක රඟපානවා. ඔහු රඟපාන්නෙ වාදකයෙකුගෙ චරිතයක්.
චිත්රපටයෙ ඔහු වැඩියෙන්ම වාදනය කරන්නෙ වයලීනයයි. ඔහු සැබෑ ජීවිතයේ ද වයලීන් වාදනයට දක්ෂයිලු. ඔන්න චිත්රපටයෙ වැඩ කරපු මුල් කාලෙ වගේ නෙවෙයිලු, සතියක් දෙකක් යනකොට මේ නළුවා චිත්රපටයෙ කණ්ඩායමට විවිධ පූස්පාට් දානවලු.
වයලීනය වාදනය කරන දර්ශන තියෙන දවස්වල, මෙයා අමුතු දේවල් කියනවලු.
“අනේ බුදු අයියේ අද නම් මට වයලීන් ගහන සීන් කරන්න බැහැ. මට හරි මූඩ් එකක් නැහැ.” එහෙම කිව්වම අධ්යක්ෂකට කරකියාගන්න දෙයක් නැහැල්ලු.
“ඇයි මල්ලි මෙහෙම අපිට කරන්නෙ. ඔයා මේ චරිතෙ කැපවීමෙන් කරන්න පොරොන්දු වුණ නිසානෙ ඔයාව මේකට ගත්තෙ,” අසරණ අධ්යක්ෂකවරයා කිව්වලු.
“ඒක ඇත්ත තමයි, ඒත් මට මූඩ් එකකට එන්නෙ නැතුව වයලීන් ගහන්න බෑ, ඒකයි ප්රශ්නෙ,” නළුවා කිව්වලු.